Home Hit “අපි කවදා හෝ රතුමුහුද තරණය කරමු” – ගරු සිරිල් ගාමිණී පියතුමන් තැබූ...

“අපි කවදා හෝ රතුමුහුද තරණය කරමු” – ගරු සිරිල් ගාමිණී පියතුමන් තැබූ සටහන

174

ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වන සඳුදා එනම් අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය.

ඒ සඳහා අද දින උදෑසන 9.00 සිට 10.30 දක්වා ගරු පියතුමන්ලා සහ පොදු ජනතාව අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක්‍ රැස් වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා.

එමෙන්ම ගරු සිරිල් ගාමිණී පියතුමන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට නියමිත අද දිනයේ සටහනක් තබා ඇති අතර එම සටහන පහතින් දැක්වෙනවා.

පාරාවෝ දුටුවේ මෝසෙස්තුමාව පමණකි. මෝසෙස්තුමන්ව තෝරාගෙන, බලගන්වා, එතුමන් සමග නිරන්තරයෙන් සිටියා වූ සියලු බලැති දෙවියන් වහන්සේව, පාරාවෝ නොදැක්කේය. ව්‍යසන ගණනාවකට පසුව වුව පාරාවෝ දුටුවේ මෝසෙස්තුමාව පමණකි. රතු මුහුද ඉදිරියට පැමිණි ඊශ්‍රායෙල් ජනතාව, මුහුද සහ ඔවුන් පිටුපස හඹා ආ ඊජිප්තු හමුදාව මැද අසරණ වූහ. ඊශ්‍රායෙල් ජනතාව විනාශයැයි පාරාවෝ සිතන්නට ඇත. ඊශ්‍රායෙල් ජනතාව ඉදිරියේ රතුමුහුද දෙබෑ වෙද්දී ඒ මහා බලය හුදු මිනිසකු වූ මෝසෙස්තුමන්ගේ නොව එතුමන් ඉදිරියෙන් වැඩම කළ මහෝත්තම දෙවියන් වහන්සේගේ බව පාරාවෝ තේරුම් ගනිද්දී ඔහුගේ හමුදාව මුහුදේ ගිලී විනාශ වී හමාරය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය, සාධාරණත්වය ඉල්ලා අරගලයක යෙදෙන සැමදෙනා හුදු දුර්වල මිනිසුන් වෙති. එහෙත් ඔවුන් සමග වැඩ සිටින්නේ සියලු බලැති දෙවියන් වහන්සේ ය. එහෙයින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කළ නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.

මේ අරගලයේ යෙදෙන කිතුනු, නොකිතුනු සියල්ලන් සමග නිරතුරුවම දෙවි මහෝත්තමයාණෝ වැඩ සිටින බව මම විශ්වාස කරමි.

එහෙයින් අපි කවදා හෝ රතු මුහුද තරණය කරමු!
ජේසු පිහිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here