Home Business අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නැහැ – ...

අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නැහැ – මුදල් අමාත්‍යාංශය

545

වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ, එහෙත් අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බවය.

එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන බවද, අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

වෙළෙඳපොළේ අත්‍යවශය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන්, කටයුතු කරමින් ඇතැයි ද, එස්.ආර්. අටිගල මහතා පැවසුවේ ය.

මේ අතර, සීනී, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින්ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07 ක්, ඊයේ (04) නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් අවලංගු කෙරිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here