Home Hit “හරක්ට බලේ දුන්නම ඔහොම තමයි” – ගුරුවරුන්ට සහ දෙමාපියන්ට බැනවැදුන මන්ත්‍රීට දෙමාපියන්ගෙන්...

“හරක්ට බලේ දුන්නම ඔහොම තමයි” – ගුරුවරුන්ට සහ දෙමාපියන්ට බැනවැදුන මන්ත්‍රීට දෙමාපියන්ගෙන් චෝදනා

190

ගුරු -විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි අරගලයට ඊයේ (03) දින දෙමව්පියන්ද එක්විය.

ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය ක්‍රියා නොකිරීම හේතුවෙන් තම දරුවන් පිඩාවට පත්ව සිටින බවයි එහිදී ඔවුන් පවසා සිටියේ.

මේ අතර, මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ මැදිහත් වීමක් හේතුවෙන් ඊට බාධා එල්ල විය.

ගුරුවරුන්ට සහ දෙමාපියන්ට බැනවදිමින් සහ තර්ජනය කරමින් ඔවුන් ක්‍රියාකිරීම හේතුවෙන් පාසල තුල සහ මාවනැල්ල අධ්‍යාපන කාර්‍යාලය තුල ඇතිවූයේ උණුසුම් තත්වයක්.

මාවනැල්ල උපසභාපති කේ.ජී.පියතිස්ස සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගුරුවරුන් මාරුකරන බවට තර්ජනය කරමින් ඔවුන් හැසිරුණු ආකාරය පිළිබඳව දෙමාපියන්ගෙන්ද එල්ලවූයේ දැඩි විරෝධතාවයක්.

“ඇයි මේ රජයක් අපහසුතාවයට පත් කරන්නේ” යැයි පවසමින් ඔහු විසින් දෙමාපියන් අතැතිව පැවති විරෝධතා පුවරුද උදුරා ගනු ලැබුවා.

පසුව මෙම තර්ජන හමුවේ තමන්ට රාජකාරී කටයුතු කළ නොහැකි බැවින් තමන්ව වෙනත් පාසලකට මාරු කරන ලෙසට එම පාසලේ සියළුම ගුරුවරුන් විසින් මාවනැල්ල අධ්‍යාපන කාර්‍යාලයට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here