Home Hit නම උක්කුං වුණාට අපි කිරි නෙවෙයි, තවම බොන්නෙ ප්ලේන් ටී – බැසිල්...

නම උක්කුං වුණාට අපි කිරි නෙවෙයි, තවම බොන්නෙ ප්ලේන් ටී – බැසිල් රාජපක්ෂ

119

ප්‍රතිවාදීන් තම පක්ෂය ශක්තිමත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමරු උත්සවය අමතමින්.

මිතුරුකම් කරන සියළුදෙනාට මෙන්ම සතුරුකම් කළ අයටද ගරු කරන බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, පක්ෂයේ අරමුණ වන්නේ රට ජයග්‍රහණය කරවීම මිස කිසිවෙකු පරාජය කිරීම නොවන බව ඔහු පවසනවා.

“මිතුරන්ගේ ආශිර්වාදයත් ප්‍රතිවාදීන්ගේ අභියෝගත් දෙකම අපි භාරගත්තා. අපට මිතුරුකම් කරපු සියලුම දෙනාට ගෞරව කරනවා වගේම අපට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කළා නම් ඒ අභියෝග සියල්ලක්ම අපට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඉතාම නිහතමානීව. අපි අපේ දරුවන්ගේ දරුවන්ට යුතුකම් ඉශ්ට කරන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා.

ගරු අගමැතිතුමනි, නම උක්කුං වුණාට අපේ පක්ෂය කිරි නෙවෙයි තවම බොන්නෙ ප්ලේන් ටී. විවිධ අපට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපට අභියෝග කළත් ඔවුන් ඇත්තටම අභියෝග කරන්නේ රටේ අනාගතයට, රටේ ජනතාවට. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here