Home Hit අයවැයෙන් “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” – මුදල් ඇමති

අයවැයෙන් “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” – මුදල් ඇමති

218

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි.

ඒ අනුව මෙවර අයවැයේදී ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව මුදල් අමාත්‍යවරයා වක්‍රාකාරයෙන් මෙහිදී අදහස් පලකර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මල්වානේ ඇති සුඛෝපභෝගී නිවසට අදාළව ඇති නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (01) ගම්පහ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදීයි.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා ඊයේ (01) අධිකරණය හමුවේ පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ සුපිරි නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු එම මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බවද විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයට පැවසුවා.

කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත්ද ලබා ගත් බවද ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් සදහන් කළා.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here