Home Business ලාෆ් සමාගම යළි ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි

ලාෆ් සමාගම යළි ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි

593

ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා.

තමන් ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර, ඒ සමඟම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාව ද පවතිනවා.

ලාෆ් සමාගම විසින් මීට පෙර ද කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840ක් ලෙසයි.

එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136ක්.

මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1182කින් ඉහළ දැමුවා.

මේ වන විට වෙළදපළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ 2675ක්.

කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 473කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,071 ක්.

කිලෝග්‍රෑම් 2.5ක කුඩා සිලින්ඩරයක් ද රුපියල් 217කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 506ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here