Home Hit “පොඩි කාලේ අපි හිතුවේ ප්‍රංශෙට විතරයි ලොකු කුළුණු හදන්න පුළුවන් කියලා –...

“පොඩි කාලේ අපි හිතුවේ ප්‍රංශෙට විතරයි ලොකු කුළුණු හදන්න පුළුවන් කියලා – හැබැයි අපිත් හැදුවා”

201

වැරැද්ද ඇත්තේ යටිතල පහසුකම් සැපයීම සඳහා ගොඩනගන ගොඩනැඟිලි වලද එසේත් නොමැතිනම් ඒවා නිසි ලෙස භාවිතා නොකරන අපේද යන්න මෙරට තරුණ පරම්පරාව, තම හදවතින් ඇසිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

කාන්තා කළමනාකරණ ආයතනය (WIM) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) එක්ව ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ සැඟවුණු දක්ෂතා හා ඔවුන්ගේ ජාතික දායකත්වය ඇගයීම් සඳහා සංවිධානය කරන ලද ‘නව පරම්පරාවේ සම්මාන 2021’ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කුළුණු සෑදිය හැක්කේ ප්‍රංශයට පමණක් බව අප කුඩා කාලයේ කල්පනා කලත් අප විසිනුත් කුළුණු සෑදුව බව මතක් කළ අමාත්‍යවරයා, මුහුද ගොඩ කරලා නගර හදන්න අපිට බෑ හැබැයි මැදපෙරදිගට පුළුවන් යැයි පැවසුවද අපත් PORT CITY ඉඳිකළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here