Home Hit “විපක්ෂයේ ලක්ෂ 55න් දැන් වැඩි හරියක් ඉන්නේ අපේ පැත්තේ” – ජොන්ස්ටන්

“විපක්ෂයේ ලක්ෂ 55න් දැන් වැඩි හරියක් ඉන්නේ අපේ පැත්තේ” – ජොන්ස්ටන්

141

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කලකිරී සිටින බවත් ඔවුන් ඉදිරියේදී ආණ්ඩුව සමග අත්වැල් බැඳ ගනු ඇති බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මහනුවර විලියම් ගොපල්ලව මාවත හීරැස්සගල සිට මහනුවර දක්වා කොටස පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී ය‍.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ මොහතේදී පක්ෂ නායක තනතුරු බේරා ගැනීමේ උත්සහයක නිරතව සිටින බව ය.

“විපක්ෂයේ මන්ත්‍රීවරු දැඩි කළ කිරීමෙන් සිටින බව ඔවුන් පාර්ලිමේන්තු ලොබියේ කරන කතාබස්වලින් පැහැදිලි වෙනවා. විපක්ෂය ගෙන යන පිස්සු වැඩපිළිවෙළ තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ ක්‍රියාත්මක ආණ්ඩුව කිසි ලෙසකින් හෝ පෙරළා දැමිය නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරු තේරුම් ගෙන තිබෙනවා. සුළු පක්ෂ නායකයින් ද දැන් ඉතා විශ්වාසයෙන් ආණ්ඩුව සමග වැඩ කරමින් සිටිනවා. විපක්ෂය දැන් කෑලි කිහිපයකට කැඩිලා. එයාලගේ ලක්ෂ 55 න් දැන් වැඩි හරියක් ඉන්නේ අපේ පැත්තේ,” යනුවෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙහිදී අමාත්‍යවරයා ජනාධිපතිවරයා ස්ථාපනය කර ඇති එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

“මුස්ලිම් ජනතාවට එක නීතියක් සිංහල අයට තවත් නීතියක් කියලා උන්වහන්සේ නිතර ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට උන්වහන්සේ පත් කිරීම හොඳයි. මේ ගැන විවේචන කරන අයගෙන් මම අහන්නේ මේකට සුමන්තිරන් හෝ අනුර කුමාර දාන්න ද කියලයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here