Home Hit අයවැයෙන් අඩු ආදායම් පවුල්වලට සහන මල්ලක් දීමේ වැඩ පිළිවෙලක් තියෙනවා – වාසු

අයවැයෙන් අඩු ආදායම් පවුල්වලට සහන මල්ලක් දීමේ වැඩ පිළිවෙලක් තියෙනවා – වාසු

97

ඉදිරි අය-වැය තුළින් අඩු ආදායම්ලාභී පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර අඩංගු සහන මල්ලක් ලබා දීමට කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

“ජනතාවගේ ඉතා ම දරුණු ජීවන වියදම් තත්ත්වයක් තියෙනවා. ඒකට අය-වැයත් සමග අපි අඩු ආදායම් පවුල්වලට සහන මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළක් තියෙනවා අත්‍යවශ්‍ය ආහාර.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here