Home Hit තෙල් මිල වැඩි කරන්නේ නැතුව අල්ලන් ඉන්නේ ජනතාව විඳින දුක අපිට තේරෙන...

තෙල් මිල වැඩි කරන්නේ නැතුව අල්ලන් ඉන්නේ ජනතාව විඳින දුක අපිට තේරෙන හින්දා – ගම්මන්පිල

78

ඉන්ධන මිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එමෙන් ම, අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ, රට තුළ ඉන්ධන හිඟයක් ද නොමැති බව ය.

“තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් ද නැත. ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත් කරගෙන මුළු ලෝකයේ ම තෙල් මිල වැඩි කරලා තියෙද්දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිට තේරෙන හින්දා නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here