Home Hit ‘මේ විදියට ගොවියන්ගේ මුදල් ගසාකන උන්ගේ, අත්වලට විතරක් නෙමෙයි කකුල් වලටත් මාංචු...

‘මේ විදියට ගොවියන්ගේ මුදල් ගසාකන උන්ගේ, අත්වලට විතරක් නෙමෙයි කකුල් වලටත් මාංචු දාන්න ඕනේ’

71

නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් පුලූල් විමර්ශනයක් සිදුකරන ලෙස එමගින් ඉල්ලීමක් කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා කියාසිටියේ.

එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කලා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන J.C. අලවතුවල මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් “ගොවි අරමුදල” නමැති සමාගම සම්බන්ධයෙන්ද අදහස් දක්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here