Home Hit ජනපති කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයක – ‘බොරු ෂෝ එපා! පොහොර...

ජනපති කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයක – ‘බොරු ෂෝ එපා! පොහොර දෙන්න’ විපක්ෂය විරෝධයක

159

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) පෙරවරුවේ කුලියාපිටිය – උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයට එක්වුණා.

රසායනික පොහොර ගෙන්වීම රජය තහනම් කිරීමත් සමඟ ගොවීන් කාබනික වගාවන් කෙරෙහි යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ අනුව කාබනික පොහොර යොදා උඩුබද්දාව ප්‍රදේශයේ ගොවීන් සිදුකළ වගාවන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිරීක්ෂණය කළා.

එළවළු, පළතුරු වර්ග රැසක් මෙන්ම තවත් බෝග රැසක් කාබනික පොහොර යොදා වගාකර සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමටයි එම ප්‍රදේශයේ ගොවීන්ට හැකිවී තිබෙන්නේ.

මෙම වගාවන් නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවීන් සමඟ කාබනික වගාවේ සාර්ථකත්වය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්තා.

ජනාධිපතිවරයා නිරීක්ෂණ චරිකාවක නිරතවන අතරවාරයේ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් එම ගොවිපොළ ඉදිරිපිට “බොරු ෂෝ එපා! පොහොර දෙන්න” යනුවෙන් සඳහන් බැනරයක් අතැතිව විරෝධයක් දක්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here