Home Hit කෝටි 29 චෝදනාව අසත්‍යයි- PB පරීක්ෂණයක් ඉල්ලයි

කෝටි 29 චෝදනාව අසත්‍යයි- PB පරීක්ෂණයක් ඉල්ලයි

125

ඉන්දියානු පොහොරවලට ගෙවීම සඳහා රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීමට තමන් බලපෑම් කර ඇති බවට සති අග පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කරනවා.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු දන්වා සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel 0112 386572 මාධය Fax 01 Division, President's Office, Colombo0 නිවෙදන ක 21/232 2021-10-23 අරුණ පුවත්පත් වාර්තාව පිළිබඳ සියලු පාර්ශ්ව කැඳවා පුළුල් පරීක්ෂණයක් කරන්න... ජනාධිපති ලේකම් පොලිස්පතිට දැනුම් දෙයි. "ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් "සති අරුණ" පුවත්පතේ පළ ඇති වාර්තාව සාවද්‍ය, ද්වේශ ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් ජයසුන්දර පවසයි. මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා වියිමත් පුළුල් පරික්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දීතිබේ ජනාධිපති මාධ්‍ය අංශය 2021-10-23 il:pmdnews2020@gmail.com Web: www.president.gov.lk Facebook: facebook. twtte:www.wtitr.com/olabayaR'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here