Home Hit “ඉන්ධන හිඟයක් නෑ – කිසිසේත් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ” – ගම්මන්පිල

“ඉන්ධන හිඟයක් නෑ – කිසිසේත් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ” – ගම්මන්පිල

99

ඉන්ධන මිල වැඩි කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ද නොමැති බවයි.

මේ අතර ලංකා ඛනිජ නීතිගත සංස්ථාව පවසන්නේ, ඉන්ධන මිල සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමග එම සාකච්ඡාවක් පැවැත්වෙන බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා

මේ අතර IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here