Home Hit “ආර්ථික අර්බුදය බලශක්ති අර්බුදයක් බවට පත්වෙමින් තියෙනවා” – පාඨලී

“ආර්ථික අර්බුදය බලශක්ති අර්බුදයක් බවට පත්වෙමින් තියෙනවා” – පාඨලී

67

මෙරට ආර්ථික අර්බුදය ක්‍රමයෙන් බලශක්ති අර්බුදයක් බවට පත්වෙමින් ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

ක්‍රමයෙන් වර්ධනය වන මෙරට බලශක්ති අර්බුදය හමුවේ ලබන ජනවාරි මාසය වනවිට ලෙබනනය මෙන් දැඩි අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බැවින් මේ පිළිබද බරපතල අවධානයක් රජය යොමුකළ යුතු බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බොර තෙල් ගෙන්වීමේ ටෙන්ඩරය පස් වතාවක් යොමුකලත් ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් පිරිපහදුව වැසීමට සිදුවන බව කියා සිටියේය.

බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පිරිස් නව පිරිපහදුවක් ඉදිකරන බව පැවසුවත් තිබෙන පිරිපහදුවට නොවැම්බර් මාසයේ සිට තෙල් නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් පිරිපහදුවේ අප තෙල් වලින් ජනනය වන මෙගා වොට් 300ක ප්‍රමාණයක් නොමැති වන බවත් එමඟින් රටේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෝප් වාර්තා කිහිපයක් පිළිබද අද පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here