Home Hit ‘විල්පත්තුවේ ගස් හිටවන්න දුන් තීන්දුව ඉවත්කරන්න’ – රිෂාඩ්ගෙන් අභියාචන පෙත්සමක්

‘විල්පත්තුවේ ගස් හිටවන්න දුන් තීන්දුව ඉවත්කරන්න’ – රිෂාඩ්ගෙන් අභියාචන පෙත්සමක්

90

විල්පත්තු රක්ෂිතය අවට පිහිට කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගොනු කළ අභියාචනය ලබන වසරේ පෙබරවාරි මස 03 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කලා.

ඒ මෙම අභියාචන පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පුද්ගලික වියදමින් එම ප්‍රදේශ වල නැවත වන වගා ඇති කරන ලෙසට අභියාචනාධිකරණය පසුගිය වසරේ නොවැම්බර් මස 16 වෙනිදා නියෝග කර තිබුණා.

තමා සම්බන්ධයෙන් දුන් එම තීන්දුව ඉවතලන නියෝගයක් නිකුත් කරන ලෙසටයි මන්ත්‍රීවරයා සිය අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here