Home Coronavirus 2020 සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

82

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 6කට වැඩි කාලයක් දිවයිනේ සියලු පාසල් වසා තැබුණු අතර ඊයේ 21 සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට පියවර ගැණුනා.

එමෙන්ම පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණයට සමගාමීව දිවයිනේ සියලුම කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ලබන 25 වන සඳුදා විවෘත කෙරෙන බවයි අගරදගුරු කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර කොවිඩ් මර්දන විශේෂ කමිටුව ද තීරණය කර ඇත්තේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමටයි.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ද අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මේ අතර ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරමභ කරනු ලබන දින පිළිබඳ පසුව දැනුම්දෙන අතර කොවිඩ් 19 වසංගත තත්වය තුළ සියලු සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කර බාධාවකින් තොරව පවත්වා ගැනීමට සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here