Home Hit මෙරටින් පළමු වරට සය නිවුන් දරු උපතක්

මෙරටින් පළමු වරට සය නිවුන් දරු උපතක්

122

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා

මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අලුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.

31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔවුන් අතරින් දෙවනියට උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය සුපරීක්ෂාව යටතේ පසුවන අතර, මෙම නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here