Home Hit ‘රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර භාවිතා කිරීමත අවධානමක්’ – ආචාර්ය වර්ෂි දන්දෙණිය

‘රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර භාවිතා කිරීමත අවධානමක්’ – ආචාර්ය වර්ෂි දන්දෙණිය

95

රසායනික පොහොර භාවිතා කිරීමේදී මෙන්ම කාබනික පොහොර භාවිතා කිරීමේදී ද අවධානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය වර්ෂි දන්දෙණිය මහත්මිය පවසනවා.

යුටියුබ් නාලිකාවක් සමඟ සකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළා.

ඉකුත් ද මෙරටට චීනයේ සිට ගෙන්වූ කාබනික පොහොර සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ආචාර්ය වරිය කියා සිටියේ මෙරට කළ පරීක්ෂණ මඟින් එය අහිතකර බව පවසා තිබියදී තානාපති කාර්යාලයක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නොකළ යුතු බවයි.

බෝගයන්ට අවශ්‍ය කරන නයිට්‍රජන් ලබාදීමේ අරමුණ ඇතිව මෙරටට ගෙන්වනු ලැබූ නැනෝ නයිට්‍රජන් සම්බන්ධයෙන් ද මෙම සකච්ඡාවේදී දන්දෙණිය මහත්මිය සිය අදහස් දැක්වීම සිදු කරනු ලැබුවා.

මේ ආකාරයෙන් නිසි පරීක්ෂණ වලින් තොරව මෙරටට ගෙන්වන පොහොර භාවිතා කිරීම මඟින් නැවත හැරවිය නොහැකි ලෙස වගාව විනාශ වනු ඇති බවට ආචාර්ය වර්ෂි දන්දෙණිය මහත්මිය අදහස් දක්වමින් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here