Home Hit පාස්කු ඉරුදින ප‍්‍රහාරය සිදු වී මාස 30ක්! කෝච්චිකඩේ සහ කටුවාපිටියේ විශේෂ දේව...

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සිදු වී මාස 30ක්! කෝච්චිකඩේ සහ කටුවාපිටියේ විශේෂ දේව මෙහෙයන්

91

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට හරියටම වසර දෙකකුත් මාස හයක් (මාස 30) සපිරෙනවා.

ප‍්‍රහාරයෙන් මිය ගිය වින්දිතයන්ට මොක් සුව පතා, අද දිනයේ විශේෂ දේව මෙහෙයන් දෙකක්, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි

ඉන් එක් දේව මෙහෙයක් අද පෙරවරු දහයට, කෝච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ත් අනෙක් දේව මෙහෙය අද සන්ධ්‍යාවේ දී කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දීත් පැවැත්වීමට නියමිත ය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here