Home Hit පාස්කු කොමිසම් වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළොත්, ඔහු අප්‍රසාදයට පත්වෙයි කියලා ජනාධිපති...

පාස්කු කොමිසම් වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළොත්, ඔහු අප්‍රසාදයට පත්වෙයි කියලා ජනාධිපති කිව්වා

408

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න දැනගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ එම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින්ගෙන් සිදුවුයේ කුමක්ද? කවුරුන් විසින් එය සිදුකළේද? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය අවශ්‍ය බවය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම මැයින් “ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” මඟින් සංවිධානය කළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් අතරතුර උන්වහන්සේ මේ බව කියා සිටියා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ බෙහොමයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී සඳහන් කර තිබෙනවා.

“ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන කාලේ ජනාධිපතිතුමා රට වටේ ගිහින් කිව්වා තමන් බලයට පත්වුණාම මේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා කියලා. ඔහු බලයට පත්වු වහා රදගුරුතුමන්ලා සමඟ පැවති සාකච්ඡාවකදි පැවසුවා පාස්කු කොමිසමේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කරනවා කියලා. එත් අපිට පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් ලැබුනහම ඔහු ඔහුගේ ආණ්ඩුවේ කිහිප දෙනෙක් පත්කළා කොමිසමේ ඇතුම් නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් ක්‍රියාත්මක නොකරන්නත්. ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයට එය දේශපාලන තීන්දුවක්. ස්වාධින තීන්දුවක් නොවේ. වාර්තාව නිකුත් වෙලා දින දෙකකට පස්සේ එතුමා මට කථා කළා. ඔහු මට කිව්වා වාර්තාවේ නිර්දේශ සියල්ලක්ම ක්‍රියාවට නංවන්න බැහැ කියලා. සමහර නිර්දේශ ක්‍රියාත්මක කළහොත් ඔහු අප්‍රසාදයට ලක්විය හැකි බවත් කිව්වා. ආණ්ඩුව ඒ වාර්තාවේ නිර්දේශ බොහෝමයක් ක්‍රියාවට නංවලා නැහැ. එයින් කාලයත් නාස්ති වුණා. අපි හැමෝගේම බලාපොරෝත්තු නැති වුණා. මේ වාර්තාව පෙන්නුම් කරන්නේ නීතිපතිතුමා බුද්ධි අංශවලින් සැක සහිත සිද්ධින් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි. එත් එවැනි දෙයක් වෙලා නැහැ. ඒ සියල්ල වචනවලට සීමා වුණ දේවල් විතරයි. වත්මන් ආණ්ඩුව සහ වත්මන් නායකයින් වින්දිතයින්ගේ බලාපොරොත්තු සියල්ල බිඳ දමා තිබෙනවා. අපිට ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ පුදුම සහගතයි”

මේ සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් , දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ , ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ගේ ද සහභාගිත්වය ලැබී තිබිනි.

ඔවුන්ට අමතරව , ගරු සිරිල් ගාමිණී පියතුමා , ගරු ජුලියන් පැට්‍රික් පියතුමා සහ ගරු රොහාන් සිල්වා පියතුමා මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here