Home Coronavirus 2020 තවත් කොවිඩ් රැල්ලක පෙර නිමිති – රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් බහුලව...

තවත් කොවිඩ් රැල්ලක පෙර නිමිති – රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් බහුලව හමුවෙයි

179

නැවත වරක් බිම් මට්ටමේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කලා.

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් ඒ අතර බහුලව දැකගත හැකි බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

මේ නිසා හැකි ඉක්මණින් සාමාන්‍ය ජනතාව අතර අහඹු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකල යුතු බවද ඔහු සඳහන් කරනවා.

මේ දිනවල සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින තත්වයක් පෙනී යන බවත් මෙම තත්වය තවදුරටත් පැවතියහොත් පාලනය කරගැනීම අපහසු මට්ටමේ විශාල කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here