Home Business පෝළිම්වල සිටි කාලය අවසන් – අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් වෙළඳ පොළේ

පෝළිම්වල සිටි කාලය අවසන් – අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් වෙළඳ පොළේ

437

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුව නව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ වෙළඳපොළේ පවතින සැබෑ මිලට භාණ්ඩ මිල දී ගැනීමට
පාරිභෝගිකයාට අවස්ථාව හිමිව තිබෙනවා.

මේ හේතුවෙන් මෙතෙක් වෙළඳ සැල් අසලපැවති දිගු පෝළිම් දැන් දක්නට ලැබෙන්නේ නැහැ.

ඉල්ලුමට අනුව භාණ්ඩ සැපයුමක් පවතින නිසා කරදරයකින් තොරව තමන්ට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට
මහජනතාවට ඉඩ ලැබී තිබෙනවා..

ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම
හේතුවෙන් කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති මිල ගණන් අසීමිත ලෙස පසුගිය කාලයේ
ඉහළ ගියා.

මෙකී තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් පනවනු ලැබූවා.

නමුත් එය සාර්ථථක වූයේ නැහැ.

පාලන මිලෙන් සිදු වූයේ භාණ්ඩ හිඟවීම සහ වෙළඳසල් අසල දිගු පෝළිම් නිර්මාණය වීම පමණි.

එපමණක් නොව, මේ කර්ථමාන්ත් ආශ්‍රිතව නිර්මාණය වී තිබු ලක්ෂ ගණනක රැකියා අහිමිවීමේ අවදානමක්ද
නිර්මාණය වුණා.

ඒ අනුව මිල පාලනයෙන් සිදු වූයේ පැවති තත්වය තවත් උග්‍රවීමක් ප මණි.

එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට රජය තිරණය කළා.

මේ නිසා භාණ්ඩ හිඟයකින් තොරව , පෝළිම් කරදරයෙන් මිදී වෙළඳපොළේ පවතින සැබෑ මිලටම කිරිපිටි,
තිරිඟු පිටි, ගෑස් ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මහජනතාවට දැන් අවස්ථාව හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here