Home Hit ශ්‍රී ලංකාව තෙල් ගන්න, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගනී

ශ්‍රී ලංකාව තෙල් ගන්න, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගනී

98

ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

ඉන්දීය රජය හරහා සෘජුව මෙම ණය ආධාර සියයට 1 කට ආසන්න පොලියකට ලබාගන්නා බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කල බව ‘නෙත් නිව්ස්’ වාර්තා කරනවා.

මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙලෙස ඉන්දියාවෙන් ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට බවයි.

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන 24 ක්. එය අදාළ සමාගම්වලට ඊයේ දිනයේදීම ගෙවා දැමීමටයි මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here