Home Environment හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

107

මෙරට තුළ හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඊයේ (ඔක්.15) දින නිකුත් කර ඇති 2021 අංක 2249/49 ගැසට් පත්‍රය මගින් නිවේදනය කර තිබේ.

අදාළ කාර්ය සාධක බලකාය සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුක්ත ය.

ඒ අනුව එහි සාමාජිකයින් වන්නේ, විජිත් වැලිකල, ලලිත් සෙනෙවිරත්න, එස්.කේ. බී. කසුන් තාරක, මාලින්ද සෙනෙවිරත්න, ආර්.බී.රසික තුසිත කුමාර, ආචාර්ය බි.කේ. ජේ. කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම්.කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ, නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන්ය.

මෙම බලකායේ සභාපතිවරයා වශයෙන් විජිත හේරත් මහතා පත් කර ඇති අතර ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා මහතා එහි ලේකම් ලෙස පත්කොට තිබේ.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරිම, විවිධ බෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරිම, කෘමිනාශක සහ වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම, දේශිය නිෂ්පාදන මගින් අවශ්‍යතා සැපිරීමේදී ඇතිවිය හැකි හිඟයන් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතීන් යටතේ සීමිත ලෙස ආනයනය කිරීමේ ක්‍රමවේදයක් සහ අධීක්ෂණ ක්‍රියා හඳුනාගැනීම ආදිය එම බලකායට අදාළ කාර්යයන් අතර වේ.

තව ද කාබනික ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරිමේ සන්නිවේදන කටයුතු ප්‍රචලිත කිරීම, මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම හා ක්‍ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම යනාදිය ද මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති කාර්යයන් ය.

අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here