Home Hit මගේ අදහස මට කියන්න බැරිනම්, මම හරකෙක් නේ – SB

මගේ අදහස මට කියන්න බැරිනම්, මම හරකෙක් නේ – SB

115

කිසියම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සීමාව ඉක්මවා ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය භාවිත කර එය නතර කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉතිහාසයේ විවිධ රාජ්‍ය නායකයින් එවැනි ක්‍රියා කර ඇති බවයි.

“මර්දනයක් වෙන්න පුළුවන්, තර්ජනයක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්, මොනවා වුණත් ඒ විරෝධතා ක්‍රියාමාර්ග නතර කරන්න,, රාජ්‍ය බලය පාවිච්චි කරලා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ඉතිහාසයේ විවිධ රාජ්‍ය නායකයින් මේ රටේ කරලා තියෙනවා”

මාධ්‍යවේදී ප්‍රශ්නය :- අපි දැක්කා ජෝසෆ් ස්ටාලින් මහත්තයා ඔබතුමාට දැම්මෙ බලයක් නැති හින්දා…

පිළිතුර (එස්. බී. දිසානායක) :- ඒක කමක් නැහැ එතුමා කියන කතාව ඇත්ත නේ. ඇමතිවරයෙක් නෙවෙයි කියලා මට මගේ,, මම අවුරුදු 15ක් නොකඩවා මේ රටේ කැබිනට් අමාත්‍යාංශය නමයක් දරපු පුද්ගලයෙක්. මගේ අදහස මට කියන්න බැරි වෙන්න බැහැ නේ. එහෙනම් මම ඉතිං හරකෙක් නේ. නමුත් එතුමා ඒ කියන දේ ඇත්ත මට බලයක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here