Home Hit පැන්ඩෝරා හෙලිදරව්ව ගැන අල්ලස් කොමිසමේ අලුත්ම සුදානම

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන අල්ලස් කොමිසමේ අලුත්ම සුදානම

86

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ලේඛණ පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සිද්ධියට අදාල ලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බව එහි උසස් නිලධාරිනියක සඳහන් කළා.

එමෙන්ම විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිලි සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් ඊයේ දෙවන දිනටත් අල්ලස් කොමිසමට පැමිණියා.

ඊයේ උදෑසන 11ට පමණ කොමිසම හමුවට පැමිණි ඔහු පැය 2කට පමණ පසු ඉන් පිටව ගොස් තිබුණා.

පසුගිය 8 වැනි දා ද තිරුකුමරන් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here