Home Environment වන අලි එලවන්න හඳුන්කූරක්

වන අලි එලවන්න හඳුන්කූරක්

116

වන අලි පලවා හැරීම සඳහා උපකාර වන හඳුන්කූරක් නිපදවීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම සාර්ථක බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළා.

නිවෙස් තුළ දල්වන මෙම විශේෂ හඳුන්කූරෙන් නිකුත් වන සුවඳ ආඝ්‍රානය කරන වන අලි, නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවෙස්වලට පහර දීමට නොපෙළඹෙන බවට එම අමාත්‍යංශය සඳහන් කරනවා.

දැනට අත්හදාබලා ඇති හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක් පමණ වන බැවින් එහි කාලය දීර්ඝ කර ගැනීමට තවදුරටත් අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා.

මෙම කරුණු අනාවරණ වුණේ, වන සතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here