Home Hit ”රාජපක්ෂ ආණ්ඩුව අද රටේ මරුවා වෙලා” – වෛද්‍ය නලින්ද ජයතිස්ස

”රාජපක්ෂ ආණ්ඩුව අද රටේ මරුවා වෙලා” – වෛද්‍ය නලින්ද ජයතිස්ස

74

”රාජපක්ෂ ආණ්ඩුව අද රටේ මරුවා වී ඇතැයි” ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

2019 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණෙන විට දුන් පොරොන්දු කුමක්දැයි ජනතාව මතක් කරගන්නා ලෙසත් එදා භාණ්ඩ 10ක් සහන මිල යටතේ ලබාදීමටත්, පඩි වැඩි කිරීම, රාජ්‍ය සේවය ස්ථාවර කිරීම, එක රටක්, එක නීතියක් කිරීම වැනි පොරොන්දු වසර දෙකක් යන තුරුත් ඉෂ්ට නොවූ කෙබර බවට පත්වී තිබෙන බවයි.

ඔහු පැවැසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා අනුරාධපුර ගජබා හමුදා කඳවුරට ගොස් තමන්ගේ ම නමින් ක්‍රීඩාංගණයක් විවෘත කළ බව පවසන ඒ මහතා කිසි ම දෙයකට තමන්ගේ නම් නොදාන බව කියා මෙසේ දුන් පොරොන්දුවලට පයින් ගැසීම කෙතරම් සදාචාර සම්පන්නදැයි ප්‍රශ්න කළේ ය.

ඇමති නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය බෝලෙට වැරෙන් පහර දුන්නා යැයි පැවසූ නමුත් ජනාධිපතිවරයා සැබැවින් ම කර ඇත්තේ බෝලෙට කෙසේ වෙතත් ජනතාවගේ බඩට පහරදීම බවත් අද වන විට කන බොන, අඳින පළඳින සියල්ලෙහි ම මිල වැඩි වී ඇති අතර ජනතාව දැඩි පීඩා විඳින මොහොතක ආණ්ඩුව තව අවුරුදු 4කින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය පැවැත්වීමට සූදානම් බව ද ඒ මහතා අනාවරණය කළේ ය.

මෙය ජනතාව නොමරා මරණ ආණ්ඩුව බවත් විශේෂයෙන් ම ඒ හා රටේ දේපළ විකිණීම ද හොඳින් කරගෙන යන බවත් පසුගිය දා ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමේ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ කෙරවළපිටිය බලාගාරයේ ගනුදෙනුවේ ඉතිරි කොටස සම්පූර්ණ කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසී ය.

කොළඹ වැදගත් ආයතන, හෝටල්, ඉඩම්, චීනයට ඇමරිකාවට පවරා දී ජනාධිපතිවරයා සිය මවුබිම වූ ඇමෙරිකාව බලා අවසන් මොහොතේ යන බව ජනතාව මැනවින් අවබෝධ කරගත යුතු කාලය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here