Home Hit “මේ රටේ පාලකයන් වැඩ කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවයන්වලට ද?”

“මේ රටේ පාලකයන් වැඩ කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවයන්වලට ද?”

117

ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තවත් ප්‍රාන්ත රජයක් දැයි, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රශ්න කරනවා.

පළාත් සභා මැතිවරණය වේගවත් වීමට හේතුව ඉන්දීය ප්‍රබලයින් මෙරටට පැමිණි නිසාදැයි ප්‍රශ්න කරන උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් තිබියදී මේ මොහොතේ ජනතා අපේක්ෂාව මැතිවරණයක් නොවන බවයි.

තව ද පීඩාවට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට ලක් කරමින් බඩුමිල ඉහළ ගොස් ඇති බවත් රටේ නිෂ්පාදනවලට මිල නියම කරන්නේ ඒ ඒ ව්‍යාපාරිකයින් බවත් උන්වහන්සේ පවසති.

”ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ තමා මේ රටේ බඩුමිල වැඩිවෙලා තියෙන්නේ. දැන් රටේ තියෙන නිෂ්පාදනවලට මිල නියම කරන්නේ ඒ ඒ ව්‍යාපාරිකයින්මයි. සෞඛ්‍ය සේවා අධ්‍යාපනය ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉතාම අමාරු කාලයක් තමයි ගෙවෙන්නේ මේ කාලවකවානුවේ දී ඉන්දීය විදේශ ලේකම් යුද හමුදාපති ලංකාවට පැමිණීම වාර්තා වෙනවා. මේ පළාත් සභා මැතිවරණය වේගවත් වෙන්න හේතුවක් වෙන්නේ ඉන්දියාවේ අය මෙහෙ ආවට පස්සේ ද රටේ මේ සා විශාල අර්බුදකාරී තත්ත්වයක් තියෙද්දී කාගේ වුවමනාවටද මැතිවරණයක් තියන්න යන්නේ මේ මොහොතේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් නෙවෙයි. රුපියල් බිලියන සීයක් දෙන්න යනවා මැතිවරණයට පෙර මේකත් ඡන්ද ගුණ්ඩුවක් ද අපිට දැන් අහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තවත් ප්‍රාන්ත රජයක් ද කියන එකයි. මේ රටේ පාලකයන් වැඩ කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවයන්වලට ද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here