Home Hit ITN සභාපතිගේ කෙරුවාව

ITN සභාපතිගේ කෙරුවාව

139

ස්වාධින රූපවාහිනියේ (ITN) වත්මන් සභාපතිවරයාගේ අත්තනෝමතික හා අමනෝඤ ක්‍රියාකාරකමි හේතුවෙන් මේවන විට ආයතනය බංකොලොත් භාවයට ගමන් කරමින් සිටි.

ආයතනය නගාසිටුවීම පසෙකලා තමන්ගේ පෞද්ගලික ලාභ ඉපයීමි වෙනුවෙන් කටයුතු කරන සුදත් රෝහන සභාපතිවරයා ඔහුගේ පරණ නාට්‍ය එක දිගට පෙන්වමින් එක් කොටසකට රු.75000 බැගින් ආයතනයේ මුදල් තමන්ගේ සාක්කුවට දා ගැනීමෙන් නොනැවතී ආයතනයේ වාහන සේවකයන් තමන්ගේ නිවසේ, බිරිඳගේ අනියම් බිරින්දෑවරුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් භාවිත කරමින් සිටින්නේ නිර්ලජ්ජිත ලෙසටය.

මෙි තත්වය පිළිබඳව අදාල අංශ සාක්ෂි සහිතව දැනුවත් කලද මේ දක්වා ස්වාධින රූපවාහිනිය විනාශ මුඛයට ඇදගෙන යන මෙම සභාපතිවරයාට එරෙහිව කිසිවෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම සේවකයන්ගේ විමතියට හේතූවී ඇත.

මෙහි උච්ඡතම අවස්ථාව පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී විෂය භාර ඇමති වරයාවන ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කිරීම දක්වා උඩු දුවා ඇත.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන, නිල තල කිසිවක් මායිම් නොකර දූෂණට එරෙහිව කටයුතු කරන බවත්, වැරදි කල, දූෂණ වංචා කරන සභාපතිවරයා ඉවත් කරන බවත්ය. ඩලස් ඇමතිවරයා එසේ රට ඉදිරීයේ ප්‍රකාශ කොට සති 2කට ආසන්න වුවත් ඩලස් ඇමතිවරයාගේ ප්‍රකාශය පයිසයකටවත් ගනන් නොගෙන ඔහු තමන්ගේ ගසා කෑම සහා වංචාවන් පෙරටත් වඩා වෙිගයෙන් ඉටු කරමින් සිටි.

මේ වන විටත් ITN සභාපතිවරයා කල්තොට ප්‍රදේශයේ ඔහුගේ ⁣ටෙලියක් රූගත කරමින් සිටින්නේ ආයතනයට හෙන ගැහුවත් මම මගේ වැඩේ කරගන්නවා යැයි ප්‍රකාශ කරමිනි.

ටෙලියට යන්න කලින් සුදත් රෝහණ සභාපතිවරයා නිවාඩු අනුමත කරගැනිමට ලේකම් වරයා මුණගැසුනද ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කර ඇත. එහිදි ITN සභාපති වරයා පවසා ඇත්තේ උන්ට බම්බු ගහන්න කියන්න මම මගේ වැඩේට යනවා. උන්ට පුළුවන්ද මාව නවත්තන්න. මම ගිහින් ටෙලිය හදනවා. හදලා මේකෙම පෙන්නනවා. බලමු කරලා. කියාය.

සමහර විට එය එසේද විය හැකි යැයි බොහෝ සේවකයන්ද පවසති. හේතුව මෙතරමි වංචා දුෂණ හෙලිව තිබෙද්දිත් ඔහුට එරෙහිව කටුයුතු නොකරන පසුබිමක ඉදිරියටද ඔහුට එරෙහිව කටයුතු නොකරනු ඇතැයි සේවකයන් පවසන නිසාය.

මේවන විටත් සභාපති වරයා අලෙවි අංශයට බලපෑම් කරමින් ඔහුගේ නාට්‍ය සදහා අනුග්‍රහකයින් සමග ගිවිසුම් ගත වන ලෙස බලපැම් කරමින් සිටි. එමෙන්ම තර්ජන කිරීම්ද නිරන්තරයෙන් සිදුකරමින් ඇත.

කෙසේ වෙතත් ඩලස් ඇමති වූ විට සභාපතිට වැඩ වරදී කියා සිතු බොහෝ දෙනක් දැන් පවසන්නේ ඩලස්ගේ සිංහ නාදයත් සුදත් බලු කෙදිරියක් බවට පත් කර ඇති බවයි. ඒ තරමට සුදත් බලවත්ද? සේවකයන් පවසන්නේ ඩලසුත් සුදත් ලග ඇඹරෙනවානම් ඔවුන් එලියට බහින්න සුදානම් බවයි. එය සමහර විට වැඩි ඈතකද නොවනු ඇත. මන්ද හිටපු ඇමතිගෙනුත්. වත්මන් ඇමතිගෙනුත් දූෂිත සභාපතිවරයාට එරෙහිව කටයුත්තක් නොකරන්නේනම් සේවකයන්ට ඉතිරිව ඇත්තේ පාරට බැසීම පමණක් නිසාය. එවිට මෙතෙක් අනාවරණය නොවු බොහෝ දේ රට ඉදිරියේ අණාවරනය වෙනු ඇත. අපි එතෙක් නිහඬව බලා සිටිමු.

විශේෂ ලියුම්කරුවකු විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here