Home Hit නව කැළණි පාලමේ ඉදිකිරීම හේතුවෙන් වාහන තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග

නව කැළණි පාලමේ ඉදිකිරීම හේතුවෙන් වාහන තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග

72

නව කැලණි පාලමේ ඉදි කිරීම් හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නව කැලණි පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් හේතුවෙන් මේ දිනවල බේස්ලයින් මාර්ගයේ හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බවයි.

ඒ අනුව පහත සඳහන් පරිදි විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

🔺 කොළඹට ඇතුළුවීම සඳහා නුවර පාරෙන් පැමිණෙන වාහනවලට බේස්ලයින් මාර්ගය භාවිත නොකර නවලෝක වටරවුමෙන් තොටළඟ හන්දිය , වේල්ස්කුමාර මාවත හෝ බ්ලූමැන්ඩල් පාර භාවිත කරමින් කොළඹට ඇතුළු වියහැක.

🔺 මීගමුව පාරෙන් පැමිණෙන වාහනවලට කරදියාන පාලම, අලුත් මාවත ඔස්සේ, කොළඹට ඇතුළුවිය හැක.

🔺 පරණ අවිස්සාවේල්ල පාර දෙසින් පැමිණෙන වාහනවලට ස්ටේස් පාර, කොස්ගස් හන්දිය ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ පාරෙන් වේල්ස්කුමර මාවත ඔස්සේ ගමන් කළ හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here