Home Hit බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ අත්බෝම්බයක්

බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ අත්බෝම්බයක්

103

බෙල්ලන්විල රජ මහ විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අත්බෝම්බය හමුවී ඇති බවය.

එම අත්බෝම්බයේ කොටස්වල මළ බැඳී තිබුණු බවත් එය මීට කලකට පෙර එම ස්ථානයට දමන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.

කෙසේ වෙතත්, එය තවමත් ජීව තත්ත්වයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here