Home Hit මේ වෙලාවේ ආණ්ඩුව විවේචනය නොකරන්නේ අපි හැම එකටම Yes Sir කියන උන්...

මේ වෙලාවේ ආණ්ඩුව විවේචනය නොකරන්නේ අපි හැම එකටම Yes Sir කියන උන් නොවෙන නිසා

136

ආණ්ඩුවේ වැරදි ඇතත් ඒ පිළිබද විවේචනය කිරීමෙන් තමන් වැළකී සිටින්නේ මුලු ලෝකයටම පාලනය කරගත නොහැකි කොරෝනා වසංගතයක් සමග කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති නිසා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

අද පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකලේ.

තමන් වියත්මග නියෝජනය නොකෙරුවද වියත්මගේ දේශපාලඥයින්ට වඩා වැඩි වියපත් දේශපාලන අවබෝධයක් තමන් සතුව පවතින බවද ඩිලාන් පෙරේරා මහතා එහිදී අවධාරණය කලා.

රාජ්‍ය නායකයා විසින් විශේෂඥ සහය ලබා නොගෙන තනිව වැඩ කිරීමට උත්සහ දැරීම වර්තමානයේ ආණ්ඩුව මුහුණ දී ඇති ගැටලු රැසකට මූලික හේතුව වී ඇති බවද ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

කොවිඩ් වසංගතය තුරන් වූ විගස ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට තමන් ඇතුලු කණ්ඩායම පසුබට නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here