Home Environment සංවර්ධන ව්‍යාපෘතියෙන් පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානි සිදුව නෑ – ජේතවනාරාම රජමහා විහාරාධිපති...

සංවර්ධන ව්‍යාපෘතියෙන් පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානි සිදුව නෑ – ජේතවනාරාම රජමහා විහාරාධිපති හිමි

181

අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ උතුරු දොරටුවට පිවිසෙන මාර්ගයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘතියක් මඟින් පුදබිමේ පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානි සිදුව ඇති බවට පල වන වාර්තා වල සත්‍යතාවයක් නොමැති බව ජේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ අදාළ සංවර්ධන ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ ඍජු අධීක්ෂණය යටතේ සිදු වූ බවයි.

ජේතවනාරාමයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මාර්ගය පුළුල් කරමින් රථ වාහන ගාල් කිරීමට ස්ථානයක් සකස් කිරීමේ කටයුතු පසුගියදා සිදු කරනු ලැබුවේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින්.

කෙසේ වෙතත් අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ උතුරු දොරටුව ආශ්‍රිතව බැකෝ යන්ත්‍ර යොදා පස් ඉවත් කරමින් ඩෝසර් කිරීමේ කටයුත්තක් සිදුවන බවටයි සමාජ මාධ්‍ය තුළ වාර්තා පළ වුණේ.

ගඩොල්වලින් කරන ලද ලොව විශාලතම ස්තූපය ලෙස ප්‍රකට ජේතවනාරාමය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here