Home Hit අගමැතිගේ පරිණත දැනුමෙන් සහ අත්දැකීම් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත යුතුයි –...

අගමැතිගේ පරිණත දැනුමෙන් සහ අත්දැකීම් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත යුතුයි – ජනපති

121

ජනාධිපතිවරයා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම හමුවේ මූලික අරමුණ වූයේ පසුගිය වසර දෙකකට අධික කාලය තුළ සිදු කෙරුණු පාලනය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීම සහ ඉදිරි කාලය පිළිබඳ සැලසුම් සාකච්ඡා කිරීමයි.

මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, පාන් පිටි, සිමෙන්ති, ගෑස් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් ඉහල යාම සම්බන්ධයෙන් මෙන්ම වැඩි වන ජීවන වියදම පිලිබඳවත් දැඩි වාද විවාද ඇති වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දීර්ඝව සිදුකෙරුණු මෙම කරුණු දැක්වීම් වලින් අනතුරුව ජනාධිපති ප්‍රමුඛ අමාත්‍යවරුන් තීරණය කළේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහ පාන් පිටි සඳහා පවතින පාලන මිල ඉවත් කිරීමටයි.

එලෙස කිරීමෙන් මේ වන විට වෙළඳපලේ දැඩි හිඟයක් මතුවී ඇති අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟය පහව යනු ඇති බවට අමාත්‍යවරුන් විශ්වාසය පළ කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පරිණත දැනුමෙන් සහ අත්දැකීම් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත යුතු බවයි.

මේ වන විට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here