Home Business ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමේ තීරණයක්

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමේ තීරණයක්

266

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520කටත්, අලෙවි කිරීමට ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම්දීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසනවා.

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර නොලැබීම නිසා කිරිපිටි ආනයනය අත්හිටුවීමට ආනයනකරුවන් තීරණය කර තිබුණා.

එමෙන්ම, වානිජ බැංකු හරහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ඔවුන් ගෙන් වූ කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම ද පමා වුණා.

එහෙත්, අදාළ විනිමය ලැබීමෙන් පසු එම කිරිපිටි තොග ලබන සඳුදා වරායෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

එම කිරිපිටි ඉහළ නැං වූ නව මිලට විකිණීමට ආනයනකරුවන් අදහස් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here