Home Hit ජනපති කොමිසමට දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට වැඩි බලතල

ජනපති කොමිසමට දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට වැඩි බලතල

150

දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල ඉහළ නංවමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිසම පත්කෙරුණේ ඊට පෙර ක්‍රියාත්මක වූ විශේෂ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමටයි.

එම වාර්තාවේ කරුණු මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග එමඟින් නිර්දේශ කළ යුතු වනවා.

එහි සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ඛේමා වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණායි.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට එමඟින් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here