Home Business කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

314

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිච් යොකෝයාමා මහතා ඊයේ (05) ජනාධිපතිවරයා හමුවෙමින් සඳහන් කළේ ය.

කෙනිච් යොකෝයාමා මහතා මෙහිදී පැවසුවේ, මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ලබාදුන් ඩොලර් මිලියන 750 ක සහනදායී ණය මුදල ලබන වසරේදී රුපියල් ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

කාබනික පොහොර නිෂ්පාදනය සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආර්ථික වශයෙන් ඵලදායි වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බව ද පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here