Home Hit ‘අපිට ආත්මය පාවා දෙන්න බැහැ – යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්න’...

‘අපිට ආත්මය පාවා දෙන්න බැහැ – යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්න’ – කාදිනල් හිමිපාණන්

164

පාස්කු ප්‍රහාරය හේතුවෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ, කතෝලික සභාව සිටිය යුත්තේ, ජනතාව සමග මිස පාලකයින්ගේ පැත්තේ හෝ බලවතුන්ගේ පැත්තේ නොවන බවයි.

තව ද සුළු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ආත්මය පාවා නොදිය යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර සිටී.

“දැන් අපේ කතොලික් සමාජයට බලපාන පාස්කු ප්‍රහාරයේ සිදුවීම තුල අසාධාරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉශ්ට කරගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. එතන දේශපාලන බලපෑම් දේශපාලන වාසි ඕනෑ එපා කම් නිසා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මේක නිකන් අර මම ඉස්සෙල්ලා ඉදන් කිව්වා වගේ කාපට් එක යටට දාන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. සුළු සුළු ලාභ ප්‍රයෝජනවලට වාසිවලට තමන්ගේ ආත්මය පාවාදීලා තියෙනවා. එහෙම බැහැ අපි ඉන්න ඕනේ කතෝලික සභාව වශයෙන් ජනතාවගේ පැත්තේ. පාලකයින්ගේ පැත්තේ නෙමෙයි බලවතුන්ගේ පැත්තේ නෙමෙයි. රදගුරු නිලයක් ලැබුණා කියලා, රදගුරුතුමෙකුට බැහැ. තමන්ට ලැබෙන වාසියක් ප්‍රයෝජනයක්. වාහන පර්මිට් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදාගන්න කරන උදව්වක් ඉඩම් කෑල්ලක් ඒවා වගේ දේවල්වලට ආත්මය පාවා දෙන්න බැහැ අපිට. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය වෙනුවෙන් පෙනි සිටින්න”

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේ, බොරැල්ල කතෝලික මුද්‍රණාලයේ ස්ථාපිත මුද්‍රණ යන්ත්‍රයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here