Home Cricket විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

250

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට අද දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු වශයෙන් , සමස්ථ කණ්ඩායම 36 දෙනෙකුගෙන් සමන්විත වන බව කණ්ඩායමේ නායක දසුන් ශානක ගුවන් තොටුපළේ දී සිදු කළ විමසීමකදී පැවසීය .

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ඕමානයේ පැවැත්වෙන තරගාවලිය සදහා ඕමානය බලා පිටත්ව ගියෝය .

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) දින රාත්‍රී 10.30 ට ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි .

ඒ සදහා ඔවුන්ගේ බඩුබාහිරාදිය, ලොරි දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියද, මෙම ක්‍රීඩකයන් රැගෙන යාමට නියමිත ගුවන් යානය, එරට පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා, සිය ගුවන් ගමන අවලංගු කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත නොපැමිණියේය .

එම නිසා ක්‍රීඩකයන්ගේ බඩුබාහිරාදිය ආපසු ඊයේ දින රාත්‍රී 08.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළේ සිට ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලය වෙත ආපසු රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .

ඉන්පසුව අද දින දහවල් 01.15 මෙම ක්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිස රැගෙන ඕමාන් ගුවන් සේවයේ WY – 2372 දරන ගුවන් යානය ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ඕමානයේ මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශුරතා තරගාවලිය සදහා ඩුබායි නුවර වෙත පැමිණීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here