Home Hit Pandora ලේඛණවල නම් අඩංගු සියලු පකිස්ථානුවන් සම්බන්ධයෙන් විමර්ශන කරනවා – පකිස්ථාන අගමැති

Pandora ලේඛණවල නම් අඩංගු සියලු පකිස්ථානුවන් සම්බන්ධයෙන් විමර්ශන කරනවා – පකිස්ථාන අගමැති

551

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු සියලු පකිස්ථානුවන් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රතිඥා දී තිබෙනවා.

කිසියම් අයෙකු වැරදි ක්‍රියාවක නිරතවී ඇතැයි ඔප්පුවුවහොත් ඔවුන්ට නිසි පියවර ගන්නා බවටයි ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇත්තේ.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපානඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සගවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12 කට අධික ලේඛණවලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර යනුවෙනුයි නම් කර ඇත්තේ.

මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුළත්.

මෙහි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නම ඇතුළත්ව නොමැති නමුත් ඔහුගේ සමීපතමයන් පිරිසකගේ නම් අන්තර්ගතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here