Home Hit බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක්

බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක්

97

මහෙස්ත්‍රාත් අධිකරණ විසින් මුදාහැරීම සඳහා නියම කර ඇති අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන කීපයක් ගොනු කරන ලද පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරුණා.

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අලි ඇතුන් හිමිකරුවන් පිරිසක් විසින් අතරමැදි පෙත්සම් ගොණු කර ඇතැයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කලා.

විනිසුරු මඩුල්ල ඔවුන්ට නියෝග කර ඇත්තේ ඉල්ලීම්වලට අදාළ ලිඛිත දේශන සහ විරෝධතා ඇත්නම් නම් ඒවා ඔක්තෝබර් මස 13 වනදාට පෙර ගොනු කරන ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here