Home Hit ‘දවසේ පැය 24ට පැයෙන් පැය ගැසට් ගහන්න ඕනේ’ – මධුර

‘දවසේ පැය 24ට පැයෙන් පැය ගැසට් ගහන්න ඕනේ’ – මධුර

151

පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා ගැසට් නිවේදන නිකුත් කිරීමට වුවද රජය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පාරිභෝගිකයින් මෙන්ම ගොවියන් ද රැක ගනිමින් ආර්ථික ප්‍රශ්නයක් ඇති විට රටේ ඇති මුදල් පිටතට යාමට ඉඩ නොදී සැමදේම පිටින් නොගෙන සිටිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

පාරිභෝගිකයින්ව ආරක්ෂා කරගැනීමට පැය 24ට ගැසට් 24ක් ගැසීමට හෝ කටයුතු කළයුතු බව රජයේ ප්‍රතිපත්තිය බව තමන් විශ්වාස කරන බව වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here