Home Hit අගරදගුරු නිල නිවස දැනුවත් නොකර යළිත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට...

අගරදගුරු නිල නිවස දැනුවත් නොකර යළිත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දේවස්ථානයක් දැනුවත් කරලා

187

ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ දැනුවත් කර තිබෙනවා.

එම දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමන් ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් යළි පැමිණ එය නිවැරදි කළ බවයි.

ඊයේ පෙරවරු 10.05 ට පමණ නාවික හමුදා නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් දෙව් මැදුරට පැමිණෙන ආකාරය එහි CCTV දර්ශනවලද සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ දේවස්ථානයේ පියතුමා ඉන් බැහැරට ගොස් සිට ඇති අතර, දේවස්ථානයේ සිටි සේවිකාවකට නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ පවතින බවයි.

දේවස්ථානයට එලෙස පැමිණි නාවික හමුදා නිලධාරියාට දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමා දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර තිබුණා.

නාවික හමුදාවේ නිලධාරින් ලබාදී තිබු අදාළ පණිවුඩය සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමා කොළඹ අගරදගුරු මැදුරෙන්ද විමසීමක් කර තිබුණා.

පෙරවරුවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පැමිණ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුවූවක් බවත්, එය, නිවැරදි කිරීමට කටයුතු කරන බවත් අද පස්වරුවේ උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ තමාට ප්‍රකාශ කළ බවයි ජයන්ත නිමල් පියතුමා කියා සිටියේ.

එය ආරක්ෂක වැඩපිළිවෙලක එක් කොටසක් බවත් දේවස්ථානයට පැමිණි නිලධාරීන් අතින් අවශ්‍ය ප්‍රමාණයට වඩා කරුණු ප්‍රකාශ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

දේවස්ථානයේ පියතුමා ප්‍රකාශ කළ පරිදි උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට යළි පැමිණ නිවැරදි කර ඇත්තේ අදාළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිරිපත්වූ කරුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here