Home Coronavirus 2020 මිත්‍යා මත ගණනාවක් නිසා තරුණ පිරිස් අතර එන්නත්කරණයේ පසුබෑමක්

මිත්‍යා මත ගණනාවක් නිසා තරුණ පිරිස් අතර එන්නත්කරණයේ පසුබෑමක්

137

සැලසුම් සහගතව ප්‍රචාරය කළ වැරදි මත හේතුවෙන් එන්නත්කරණයේ පසුබෑමක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් “ඉලක්කගත කර ඇති තරුණ ජනගහණය තවමත් සියයට 50 ක්වත් එන්නත්කර නැහැ සම්පුර්ණ වසංගත මර්දන ක්‍රියාවලියටම මෙය ලොකු බලපෑමක් සෘජු බලපැමක් වෙනවා නේද?” යනුවෙන් විමසු පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවා.

මිත්‍යා මත ගණනාවක් නිසා මං හිතනවා මේක හිතාමතාම කරපු යම් සැලසුම් සහගත ලෙස මේ එන්නතින් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන වැරදි මත ඉදිරිපත් කිරීම හරහා මේකේ යම්කිසි ආකාරයකට පසුබෑමක් සිද්ධවෙලා තියනවා. අපි ඒක නිසා තමයි තරුණ ජනකොටස්වලින් ඉල්ලා සිටින්නේ තමන්ට ළඟම තියන එන්නත් මධ්‍යස්ථානයට ගොස් එතන තියන එන්නත හැකි ඉක්මනින් ලබාගන්න කියලා මොකද ඉදිරියේදී වෙනත් අකාරයේ එන්නත් කටයුතු සිද්ධ වෙන ක්‍රියාවලියන් තුළ ඒ ඒ වයස් ඛාණ්ඩවලට එන්නත් කර ගැනීමට තියන අවස්ථාවන් සීමා කිරීමට සිද්ධ වෙන්න ඉඩ තියනවා.

යනුවෙන් එහිදී පිළිතුරු දුන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here