Home Hit ‘යුගදනවි’ බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි –...

‘යුගදනවි’ බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි – විමල්

179

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකාබැලිය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටිනවා.

විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ප්‍රකාශකළ පරිදි සියයට 40 ක කොටස් ලබාදුන් පසු බලාගාරයේ පාලන බලය ආණ්ඩුව තිබේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දැනට ගිවිසුම් අත්සන් කර ඇත්තේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මිස LNG සැපයුම සම්බන්ධයෙන් නොවන බවද ඔහු කීය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

දැනට අත්සන් කර ඇති ගිවිසුමට අනුව යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහකට ගිවිසුම අත්සන් කර ඇති බවත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවද ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here