Home Hit පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අප්‍රසාදය

පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අප්‍රසාදය

78

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

කිසිදු ආක‍්‍රමණයකින් තොරව, සෙනඟක් නොමැතිව, කොරෝනා ආරක්ෂ නීති රීති උල්ලංඝනය නොකර, මහජන නියෝජිතයකු විසින් සිදු කරන ලද සැමරුම් උත්සවය සඳහා පොලිසිය කටයුතු කළ ආකාරය ඉතා බරපතළ බව ප‍්‍රකාශ කරන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මියගිය පුද්ගලයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලීසියට නොහැකි බවද කියා සිටියේය.

පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාව ඉදිරියේ මන්ත‍්‍රීවරයාගේ ගෞරවයට විශාල හානියක් සිදුවන ආකාරයට කටයුතු කොට ඇති බවද පැවසීය.

ප‍්‍රජාතාන්ත‍්‍රීය රටක සිදුවන මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මීට පෙරද රජයට පක්ෂයේ අප‍්‍රසාදය පළ කළ බව කියා සිටි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හා ඔහුට හිරිහැර කිරීම පිළිබඳවද පක්ෂයේ අප‍්‍රසාදය හා විරෝධය පළ කරන බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here