Home Hit එදා CID යට ගෙනාවේ හොරුන්ව – අද ගෙන්වන්නේ ඇත්ත කතා කරන මිනිස්සු

එදා CID යට ගෙනාවේ හොරුන්ව – අද ගෙන්වන්නේ ඇත්ත කතා කරන මිනිස්සු

152

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යහපාලන රජය පවතී සමයේ කැඳවනු ලැබුයේ ජනතා මුදල් හොරකම් කළ පිරිස් බවත් මේ වන විට ඇත්ත කතා කරන මිනිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් මනූෂ නානායක්කාර මහතා පවසනවා.

පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

යහපාලන රජය සමයේ දඩයම් මන්දිරයට කැඳවන බවට පවසමින් ජනතා මුදල් හොරකම් කළ පිරිස්, මංකොල්ල කරුවන්, දෙමාපියන්ගේ සොහොන් සෑදු පුද්ගලයින්, කැරම් බෝඩ් බෙදු පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවත් වත්මන් රජය ඇත්ත කතා කරන පිරිස් එයට කැඳවන බවත් ඒ මහතා කියා සිටියේය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු එළිදක්වන පුද්ගලයින්, අන්ටිජන් කට්ටල වංචාව සම්බන්ධයෙන් තොරතුරු එළිදක්වන පුද්ගලයින් ඒ අතර වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here