Home Hit “කවුරුත් බාරගන්නේ නැත්නම්, ඇරපු එකේ වගකීම මම ගන්නවා” – ඩිලාන්

“කවුරුත් බාරගන්නේ නැත්නම්, ඇරපු එකේ වගකීම මම ගන්නවා” – ඩිලාන්

176

සුරා සැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තමන් නොදන්නා නමුත් කිසිවෙක් එහි වගකීම භාර නොගන්නේ නම් තමන් එහි වගකීම භාර ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“කවුරු ඇරියද කියලා දන්නේ නෑ. හැබැයි කවුරුත් ඒක භාර ගන්නෙ නැත්නම් මම කැමතියි ඒකා භාර ගන්න.

මෙකක්ද තියෙන ප්‍රශ්නේ බාර් ඇරියම. බාර් ඇරියට හැමෝම කිව්වද බාර් ඇරලා තියෙන්නේ ගිහිල්ලා බොන්න කියලා.

බොන එකා බීපන්. නොබොන එකා නොබී හිටපන්. ආර්ථිකය හදන්න නම් මම හිතන්නේ වල්ලපට්ටා වගේ ශාක අක්කර ගණන් වවන්න දෙන්න ඕන. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here